පළාත් පාලන මැතිවරණ ක්‍රමය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමෙන් පසු සභාපති, උප සභාපති පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීමට සිදුවීම ගැටලුවක් වී ඇතැයි අස්ගිරි මහා විහාරයේදී අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන පවත්වා ගැනීම සඳහා අවුරුද්දෙන් අවුරුද්දට මාස හයෙන් හයට ඡන්ද පැවැත්වීමට සිදුවන අසාර්ථක ක්‍රමයකට වඩා ගැලපෙන ක්‍රමයක් භාවිතයට ගත යුතුයි. පළාත් පාලන ආයතන සඳහා සභාපති, නගරාධිපති, උපසභාපති පත්කර ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. යුද්ධයක් වැනි ක්‍රමයක් අනුගමනය කිරීම උචිත නැහැ. ඒ නිසා ඉදිරි පළාත් සභා ඡන්ද සඳහා පැවැති පැරණි ක්‍රමය භාවිත කිරීමට අප සැලසුම් කරනවා. මේ සඳහා සියලු දේශපාලන පක්ෂවල එකඟත්වය පළවී තිබෙනවා.
ප්‍රාදේශීය සභාව ජය ලැබුවා කියූ පමණින් ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම දියවී යන්නේ නැහැ. 2015දී ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද පවත්වා වසර පහක කාලයකට පිළිගත හැකි ජන වරමක් ලබා ගත්තා. ආණ්ඩුව ලැබූ ජන වරමට පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් කිසිදු බලපෑමක් සිදු වී නැහැ."
නදීක දයා බණ්ඩාර - මහනුවර
0 comments :
Post a Comment