#UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය අද (07) සහ හෙට (08) මීගමුවේදී

#UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය අද (07) සහ හෙට (08) මීගමුවේදී

මෙය සංවිධානය කරනු ලබන්නේ ප්‍රභාතය කලා හා මාධ්‍ය සංවිධානය විසිනි.

විකල්ප වෙබ් අඩවියට දස වසරක් පිරීම නිමිත්තෙන් ප්‍රථම වතාවට කොළඹදී පැවැත්වූ මෙම ඡායාරූප ප්‍රදර්ශනය දැන්  රට වටා ගමනක් යමින් හතිවැටුණු ජීවිතවල බර දරන්නට ආදරණීය හදවත්වලට ආරාධනා කර සිටියි.  

#UNFRAMED සම්බන්ධයෙන් විකල්ප වෙබ් අඩවිය මෙසේ පවසයි.

‘‘#UNFRAMED යෝජනා කරන්නේ ඔබට හුදෙක්ම ප්‍රදර්ශනයක් බලන්න එන්න කියල නෙවෙයි, එක ඊට හාත්පසින්ම වෙනස් . හීනියට හැඩේට ගත්ත බුහුටි ජායාරූප එකක් වත් ඔබට #UNFRAMED වලදී බලන්න ලැබෙන්නේ නෑ.ඒ පින්තූර වල පවා තියෙන්නේ කර්කශබවක්. රිදීමක්. තැලීමක්, පිඩාවක්. 

අනෙක් අතට අපි ඔබගෙන් අහනවා ඔබ කොහොමද පොළොවක් ඉරි ගහල බෙදා වෙන් කරගත නොහැකිව මිනිසුන් මරා බෙදා ගත් භුමියක ජිවත් වෙමින් කර්කශ නොවූ සත්‍යන් හොයන්නේ. ඒ නිසාම තමයි #UNFRAMED ඔබට එක් අතකින් හදවත පාරන, ඔබ දකින්න බය ඇත්තක් වෙන්නෙත්! ඒත් ඔබ ඇත්ත දැකිය යුතුමයි.

ඒ ඇත්ත හදවතින් දකින්න අපි ඔබට ආරධනා කරනවා ආයෙත් වතාවක්. එන්න...“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment