ඊයේ (30) මෝසමක් මඟින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත යන දෙදෙනාට ඇප ඉල්ලා සිටි අතර එහිදී සනත් නිශාන්ත වෙනුවෙන් රුපියල් ලක්ෂ දහය බැගින් වූ ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් ඇප ලබා දුන් නමුත් ඇපකරුවන්ගේ වත්කම් අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබිණි. ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
මෙහිදී සනත් නිශාන්ත වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන්ගේ වත්කම් පරික්ෂා කර බැලු මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා මේ පුද්ගලයන් වරදක් කරන්න යන අවස්ථාවකදී කනෙන් අල්ලා හෝ එය නැවැත්වීමේ හැකියාව ඇපකරුවන්ට තිබිය යුතු බව ද පැවසීය. සනත් නිශාන්ත වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් පිළිබඳ මහාධිකරණය සැහීමකට පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට ඇප නියම වූ නමුත් ඔහුගේ සහෝදරයා වන ජගත් සමන්තට ඇප ලබා දීම ප්‍රතික්ෂේප විණි. ඒ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් පිළිබඳ මහාධිකරණයට සැහීමකට පත්වීමට නොහැකි වීම හේතුවෙනි.
සෑම ඉරුදිනකම පෙරවරු නවයත් දොළහත් අතර හලාවත පොලිසියේ පෙනී සිටින ලෙස මේ දෙපලට ඇප ලබා දෙමින් මීට පෙර හලාවත මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබී ඇත. පසුගිය කාලයේ මේ දෙපලම මේ ඇප කොන්දේසිය උල්ලංඝනය කර ඇති බව හලාවත පොලිසිය විසින් හලාවත මහාධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව හලාවත මහාධිකරණ විනිසුරුවරයා මේ නියෝගය නිකුත් කර ඇත.
2008 වසරේ නොවැම්බර් මස 24 වන දින එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සුරසිංහට පහර දීම,රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම මේ දෙදෙනාට විරුද්ධව එල්ල වූ චෝදනා වේ.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ තරංග දිසානායක පෙනී සිටි අතර නැවත විභාගය ජුනි මස 07 වැනි දිනට නියම කෙරිණි.
ප්‍රසාද් ජයමාන්න - හලාවත
0 comments :
Post a Comment