‘බැංකුකරුවන්ගේත් බැංකුකරුවා‘ - දේශමාන්‍ය ඒ. එස්. ජයවර්ධන

‘බැංකුකරුවන්ගේත් බැංකුකරුවා‘ - දේශමාන්‍ය ඒ. එස්. ජයවර්ධන

දේශමාන්‍ය ඒ. එස්. ජයවර්ධන මහතා, 1958 වසරේ මහබැංකුවට සම්බන්ධ වී එහි ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු ධුරයන් හොබවා 1995 නොවැම්බර් මාසයේ සිට 2004 ජූනි මස දක්වා එහි අධිපති ධුරය හෙබවූයේ දස වැනි මහබැංකු අධිපතිවරයා ලෙස ය. එයට පෙරාතුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අතිරේක විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් ද1981-1986 අතර කාල සීමාවේදී ඔහු කටයුතු කළේය.

විවිධ ක්ෂේත්‍ර සහ මහජන ආයතන ගණනාවක කටයුතු කළ කීර්තිමත් ඉතිහාසයක් ඒ. එස්. ජයවර්ධන මහතා සතු විය. උදාහරණ වශයෙන් 1976 – 1977 අතර කාලයේ ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළ ඔහු, 1989 වසරේ ලංකා බැංකුවේ සහ මර්චන්ට් බෑන්ක් හි සභාපතිවරයා වශයෙන් පත් විය. තවද 1989-1993 අතර කාල සීමාවේදී කාර්මික, විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශයේ සහ, මුදල්, සැලසුම්, වාර්ගික ගැටළු හා ජාතික සහයෝගිතාවය පිළිබඳ අමාත්‍යාංශයේ ද ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ ඔහු ය. 1965 – 1976 අතර කාලයේ ඔහු ශ්‍රී ලංකාවේ සරසවි ගණනාවක ආර්ථික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කළේය.

‍මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඒ. එස්. ජයවර්ධන මහතා, බුද්ධිමත් උගතෙකු පමණක් නොව, එය ප්‍රායෝගිකත්වය සමග මැනවින් මුසු කළ අයෙක් ලෙස ද ප්‍රකට ය. පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ඔහු සිය 1965 වසරේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වෙතින් මහජන ආර්ථිකය විශේෂිතව හදාරා අනතුරුව 1975 වසරේදී හාවඩ් සරසවියෙන් මහජන මූල්‍ය විෂයෙහි මහජන පරිපාලනය සම්බන්ධයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත්තේය. 2005 වසරේදී ඔහුට දේශමාන්‍ය නාමය පිරිනැමුණේ රට වෙනුවෙන් ඔහු කළ සේවය අගයමිනි.

2018 මැයි 29 වැනිදා මේ ‘බැකුකරුවන් අතර බැංකුකරුවා‘ මෙලොව හැර ගියේ වයස අවුරුදු 82 දී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment