'චීනාගෙන් පගාගත් කතාවට උත්තරදිය යුත්තේ මහින්දයි' - නිව්යෝර්ක් ටයිම්ස්.



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නැගෙන චෝදනාවට ප්‍රතිචාර දැක්විය හැක්කේ ද ඔහුට පමණක් බව ආන්දෝලනාත්මක නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සකස් කළ මාධ්‍යවේදිනී මාරියා අබී හබීබ් මහත්මිය ප්‍රකාශ කරයි.

එම ලිපිය සැකසීමේදී මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රම මගින් උත්සාහ කළත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඇය 'සිරස' නිව්ස් ෆස්ට් වෙත ප්‍රකාශ කර තිබිණ.

මාස දෙකක් තිස්සේ ප්‍රශ්න 10 ක් යවා පිළිතුරු අපේක්ෂා කළ බව පවසන මාරියා අබී හබීබ් මහත්මිය, වැඩිදුරටත් සඳහන් කළේ, අවස්ථා ගණනාවකදී මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් හමුවීමට උත්සාහ කළ ද ඊට අවස්ථාවක් නොලැබුණ බවයි.

පුළුවන් නම් ඔප්පු කරන්න - ඒකාබද්ධය කියයි

කෙසේවුවද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කාංචන විඡේසේකර මහතා පවසන්නේ, නිව්යෝක්‌ ටයිම්ස්‌ පුවත්පත කියන ආකාරයට මහින්ද රාජපක්‍ෂ මහතා චීන සමාගමකින් මුදල් ලබා ගෙන නැති බවත් එසේ මුදල් ලබා ගෙන තිබෙනවානම් එය ඔප්පු කර පෙන්වන ලෙසත්ය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එසේ පැවසූ මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද කීය.

''නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ වාර්තා වූ කරුණක්‌ පිළිබඳව මේ දිනවල කතා වෙනවා. හම්බන්තොට වරාය ඉදිකිරීම් කළේ ශඛ්‍යතා වාර්තාවක්‌ ලබානොගෙන බවට එසේ කර තිබෙන චෝදනාව පළමුවෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මේ වෙනුවෙන් පළමු ශඛ්‍යතා වාර්තාව ලබාගන්නේ 2002 දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් කටයුතු කරපු ආණ්‌ඩුවයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුව යටතේ හම්බන්තොට වරාය ඉදිකිරීම පිළිබඳව නැවත වරක්‌ ශඛ්‍යතා වාර්තාවක්‌ ලබා ගන්නවා. ඒ අනුවයි ඉදිකිරීම් සිදුවන්නේ. එවකට හිටපු ශ්‍රීලනිප මහලේකම්, එජනිස මහ ලේකම් සහ අදාළ චීන සමාගමේ කොන්ත්‍රාත්කරුවාගෙන් මේ ගැන විමසීමක්‌ කරන්න පුළුවන්.''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment