'මම දෝංකාරය යි' අගෝස්තු 01දා.



අශෝක හඳගම ගේ පද මාලාවකට චිත්‍රාල්  සෝමපාල තනුව සහ සංගීතය නිර්මාණය කල ඉන්දිකා උපමාලි ගායනා කරන මම දෝංකාරයයි ගීතයේ සංගීත වීඩියෝව හඳුන්වා දීම 2018 අගෝස්තු 01 වෙනි බදාදා සවස 4:00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී සිදුකෙරෙයි. 

පැරණි ග්‍රීක - ලතින් මිත්‍යා කතා චරිත දෙකක් වන නාසිසස් සහ එකෝ ඇසුරින් නිර්මාණිත මේ ගීතය, අද්‍යතන සමාජය කියවීමේ කැඩපතක්.    ගීතය නිමිති කරගෙන කෙරෙන සංවාදය ට මුල පිරෙන්නේ සමන් වික්‍රමාරච්චි සහ දීපති කුමාර ගුණරත්න ගේ දෙසුම් දෙකකිනි. 

ඉන්දිකා උපමාලි සහ චිත්‍රාල් සෝමපාල ගායනයෙන් සහ රංගනයෙන් දායක වන  මෙම ගීත වීඩියෝවට චන්න දේශප්‍රිය කැමරාකරනයෙන් සහ උපුල් චමිල බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙයි. 

මම දෝංකාරය යි අශෝක හඳගම ගේ අධ්‍යක්ෂණය ක්.මේ සඳහා උනන්දුවක් දක්වන හැමටම මේ සඳහා සහභාගී වන ලෙස සංවිධායක කමිටුව විවෘතව ආරාධනා කර සිටියි. 





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment