ඒටීඑම් සල්ලි මිලියන 20 කොල්ලය සල්ලි ගෙනගිය අයගෙම වැඩක්

යේ (28) පස්වරු 5.30ට පමණ බුලත්සිංහල - හොරණ පාරේ පහළ නාරගල ප්‍රදේශයේ දී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් මිලියන 20 අධික මුදලක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබුණි. මෙම තැන්පත්කිරීමට මුදල් ගෙනයාම කර තිබුනේ
බැංකුව හා ගිවිසුම්ගත පුද්ගලික සමාගමක් විසින් වන අතර එම සමාගමට අයත්  රියදුරා ආරක්ෂක නිලධාරීයා ඇතුලු අය මුදල් රැගෙන ගිය වෑන් රථය වෙළෙඳසැලක් අසළ නවතා මුදල් තැන්පතුවට යාමට ප්‍රථම අහාර ගනිමින් සිටිය දී ජීප් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් ඔවුන්ට මිරිස් කුඩු ප්‍රහාරයක්

එල්ල කර මුදල් කොල්ලකා තිබුණ අතර පළාගිය කොල්ලකරුවන් සැක්ෂි කිසිවක් ඉතිරි කර තිබුනේ නැත.
කෙසේ වෙතත් මේ ගැන සිදු කළ පරීක්ෂණ අනුව වෑන් රථයේ පැමිණි ආරක්ෂක නිලධාරියා කොල්ලකෑම සිදුවන අවස්ථාවේ කොල්ලකරුවන්ට මුදල් ලබාගත හැකි වන ආකාරයට ඔහුගේ ගිනි අවිය බැහැර කර තිබූ බව හෙළිව තිබේ.
එම සැකය නිසා සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථයේ පෞද්ගලික සමාගමට අයත් රියදුරා සහ ආරක්ෂක නිලධාරීයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් මිලියන20 කට අධික මුදලක් මෙම කොල්ලය නිසා අහිමි විය.
පොලීසිය පැවසුවේ කොල්ලකෑමට ආධාර අනුබල දීම මත සැක පිට අත්අඩංගුවට ගත් අය ඔස්සේ වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment