දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ නිවාස 29 ක් ජනතා අයිතියට

0d900eb1c511a3da1547e85b6365a954_XL

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතාගේ මඟපෙන්වීම යටතේ කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ රුපියල් ලක්ෂ 290 ක වියදමින් ඉදිකරන ලද නිවාස 29 ක් ඊයේ (1) දින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කරන ලදි. පර්චස් 07ක ඉඩමක, රුපියල් ලක්ෂ 10 ක් වටිනාකමින් යුත් වර්ග අඩි 550 ක අංග සම්පූර්ණ ‍මෙම නිවාස සඳහා නිරවුල් ඔප්පුද පිරිනැමීම සිදුවූ අතර නිවාස ව්‍යාපෘතියට අදාළ ලක්ෂ 17 කින් යුත් ජල ව්‍යාපෘතිය, ලක්ෂ 10 කින් යුත් කොන්ක්‍රීට් කරන ලද මාර්ගයද මෙහිදී විවෘත කළේය. තවද මෙම නිවාස සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යොදවමින් විදුලියද ලබා දී තිබේ. එමෙන්ම වතුකරයේ ළමුන්ගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍යාංශ ප්‍රතිපාදන වැයකර සකස්කරන ලද “ටිකිරි ශක්ති” අධිපෝෂණ බිස්කට් නව මුහුණුවරකින් එළිදැක්වීමද මෙහිදී සිදුවිය. ඒ අනුව වතුකරයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුලදී අවු 2 – 5 ත් අතර ළමුන්ට මෙම අධිපොෂණ බිස්කට් ලබා දෙනු ඇත. මෙම අවස්ථාව සඳහා කළුතර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩවිතාන මහතා, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ලේකම් රංජනී නඩරාජපිල්ලෙයි මහත්මිය, වැවිලි සවර්ධන භාරයේ සභාපති වී පුත්‍රසිගාමනි මහතා ඇතුළු ප්‍රදේශයේ වැවිලි ප්‍රජාව ද සහභාගී විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment