උඩුගම්පොළ ඇවිදින මංතිරුවේ සුර්යකෝෂ 70ක් හොරු ගලවාගෙන


මිනුවන්ගොඩ උඩුගම්පළ ඇවිදින මංතීරුවේ තිරුවාණා ගල් ඇතිරූ දෙපතුල් සම්බාහන කොටස කිසිදු හේතුවක් නොමැතිව පුරාවිද්‍යා ආයතනය මඟින් වට කර ඇති නිසා මෙහි පැමිණෙන ජනතාවට මහත්
අසාධාරණයක් වී

ඇතැයි ඇවිදින මංතීරුව භාවිත කරන ජනතාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දික නාරනාවිටිය මහතා (ශ්‍රීල. පොදුජන පෙරමුණ) හරහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට දැනුම් දී ඇත. මීට අමතරව උඩුගම්පළ ඇවිදින මංතීරුවේ සූර්යකෝෂ බැටරි 70ක් පමණ සොරුන් ගලවා ගෙන ගොස් ඇතැයිද එක් බැටරියක් රුපියල් 34,000 බැගින් වටිනා බවද මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා ප්‍රාදේශීය සභාවට කරුණු ඉදිරිපත් කර ඇත.

අපරාධය වළක්වා ගැනීම සඳහා ගන්නා පියවර කුමක්දැයි විමසූ විට පොලිස් ජංගම කුටියක් එම ස්ථානයට අනුයුක්ත කිරීමට කටයුතු කරන බවද සූර්යකෝෂ වෙනුවට භූගත සෝලර් කේබල් විදුලිය ලබාදීමට සැලසුම් කර ඇවිදින මංතීරුවේ ගැටලු විසඳීමට අදාළ පියවර ගන්නා බවද සභාපතිවරයා කීවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment