නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා ADBයෙන් ඩොලර් මිලියන 10 ක තාක්ෂණික සහාය.



නාගරික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම, සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම, ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීම සඳහා වන ප්‍රසම්පාදන කාර්යයන් සිදු කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආයතනවල හැකියාවන් වර්ධනය කිරීම මඟින් ව්‍යාපෘති සූදානම ශක්තිමත් කිරීම යෝජිත නාගරික ව්‍යාපෘති පෙර සූදානම් පහසුකම මඟින් අපේක්ෂා කෙරේ.

එමඟින් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ද්විතීයික නගර 25ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මූලෝපායික නගර 04ක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිවල ආරම්භක කාර්යක්ෂමතාව වැඩිදියුණු කෙරෙනු ඇත.

ඒ අනුව, මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක තාක්ෂණික සහාය ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment