ජපානයේ MUFG බැංකුවෙන් මධ්‍යම අධිවේගයට බිලියන 100ක්.



මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක මාර්ග කොටස ජපාන බැංකුවල මූල්‍යකරණය යටතේ ඉදි කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන ජපාන යෙන් බිලියන 100ක අරමුදල් සලසා ගැනීමට ජපානයේ MUFG, Ltd බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දැනට පවත්නා අධිවේගී මාර්ග ජාලය තවදුරටත් පුළුල් කරමින් පොතුහැර හරහා කොළඹ හා මහනුවර යා කිරීමේ අරමුණින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා වී ඇත.

එමඟින් ආර්ථික වශයෙන් වැදගත් වරාය, ගුවන්තොටුපළ හා වාණිජමය නගර සහ පළාත් කිහිපයක් යා කරමින් ‍දිවයිනේ දකුණු ප්‍රදේශයේ සිට මහනුවර දක්වා අඛණ්ඩ සම්බන්ධතාවක් ඇති කෙරෙනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment