හිල්ටන් හෝටල් සම හිමිකරු චීන ජාතික බිලියනපතියා තාප්පයකින් වැටී මරුට


චීනයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන වැන්ග් ජිඈන් ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින අතරතුර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. සංචාරය අතරතුර ප්‍රංශයේ ප්‍රොවන්ස්හි තාප්පයක් උඩ ඡායාරූපයක් සඳහා පෙනී සිටීමට යාමේදී ඔහු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.
ලෝක ව්‍යාප්ත

චීන HNA සමූහයේ සම නිර්මාර්තෘ මෙන්ම සභාපතිවරයා ද වන වැන්ග් මිය යන විට 57 වන වියේ පසු විය.
එම ව්‍යාපාරයට ලෝක ව්‍යාප්ත හිල්ටන් හෝටල් සමූහයේ සියයට 25 ක කොටස් හිමි අතර ලන්ඩනයේ පිහිටි skyscraperගොඩනැගිල්ල ඇතුළු වත්කම් රැසක කොටස් ද හිමිය.වැන්ග් සභාපතිත්වය දරන HNA සමූහය ගුවන්, සංචාරක සහ මූල්‍යමය ක්ෂේත්‍රයේ ලොව විශාලතම ආයතන අතරින් එකකි. ඔහු යටතේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව 400,000කට අධික ය.
ප්‍රංශ පොලීසිය පවසන්නේ, අඩි 50ක් පමණ උස තාප්පයකින් සිය පවුලේ සාමාජිකයින් ද බලා සිටියදී ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි.
 ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැක පළ කිරීමක් සිදුකර නොමැති අතර හදිසි අනතුරක් සේ සලකා පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment