අද 4 දිනයේ දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වර්ජනයක නියැළීම හේතුවෙන් පාසල් කටයුතු අඩාළ තත්වයට පත්ව ඇතැයි උදෑසන ලැබෙන වාර්තා පෙන්වා දෙයි.
විදුහල්පති සේවයට,
ගුරු අධ්‍යාපනඥ සේවයට හා අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට විරෝධය දක්වමින් හා වෙනත් කරුණු කිහිපයක් මත අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති පවත්වන වැඩවර්ජනය ගැන කලබල වියයුතු නැති බවට හා වෙනදා මෙන් පාසල් පැමිණ ඉගනුම් කළ හැකි බවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් ඊයේ ප්‍රකාශ කළද ඔහු කියූ පරිදි වැඩ කටයුතු සිදුවූයේ නැත.
වර්ජනය හේතුවෙන් අද (04දා) දිනයේදී පාසල් බොහෝමයක කටයුතු අඩපණ වී ඇති බව වාර්තා වෙයි.
අද වර්ජනය නිසා ගුරුවරුන් නොපැමිණෙන සැකය මත පාසල් සිසුන්ගේ පැමිණීමද අඩාලවී ඇති අතර
ඇතැම් පාසල්වල පාසල් සිසුන් පාසලට පැමිණියද ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුගේ පැමිණීමේ අඩුවක් පවතින බවද වාර්තා වෙයි. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලන සේවයට සම්බන්ධ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම වැඩවර්ජනය මත අද ලෙඩ නිවාඩු දමා ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment