'ගෝඨා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කර නෑ' - මහින්ද.
මීළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක එබව සඳහන්වේ.
මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතාව නිල වශයෙන් නම් කර ඇතැයි සමාජ මාධ්‍ය ජාලයක පලවී ඇතැයි කියන වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් එම නිවේදනය නිකුත්කර ඇත.
0 comments :
Post a Comment