කැනඩාව, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වේ.



2018 ජූනි 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 3.7 කින් අවප්‍රමාණය විය.

තවද අනෙකුත් විදේශ්‍ය ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, කැනේඩියානු ඩොලරය, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියල හා සැසඳීමේ දී අධිප්‍රමාණය වීමක් වාර්තා කරයි.

කෙසේ වෙතත් අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමක් වාර්තා වේ.

ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජනපද ඩොලරයෙහි ශක්තිමත් වීම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම කෙරෙහි යම්තාක් දුරකට බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද 2018 අප්‍රේල් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් වේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment