කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීනයට දීම සම්බන්ධ නඩුව කල්යයි.



කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය ඒ සදහා අවම මිල ඉදිරිපත් කල සමාගම නොසලකා හැර චීන සමාගමකට ලබාදීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩවන බවට සදහන් කරමින් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කල මූලික අයිතිවාසිකම් නඩුව ඊයේ (11) විභාගයට ගනු ලැබු අතර තවදුරටත් කරුණු විමසීම සඳහා එම නඩුව මෙම මස 17 වනදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කර තිබේ. 

විදුලි ඒකකයක් සදහා අවම මිල වන 14.98 ඉදිරිපත් කල දේශීය සමාගම සහ චීන සමාගමේ මිල වන 15.97 අතර වන පරතරය මත මෙම ටෙන්ඩරය චීනයට ලබාදුන්නහොත්  අදාළ සමාගම විසින් බලාගාරය පවත්වාගෙන යන වසර 20 ක කාලසීමාව තුල රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 50 (කෝටි 5000) වන අතර එය මෙරට විදුලි පාරිභෝගිකයින්ට දැරීමට සිදුවනු ඇත. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment