රන්ජන්ට උත්තර බැන්ද විජයකලා අගමැතිගෙ කෝල් මිස් කරලා

පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ නිසා අද දින විනය පරීක්ෂනයකට කැදවා තිබෙන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් දුරකථනයට සම්බන්ධ කර ගැනීමට ඊයේ (03දා) දිනය පුරා අගමැති රනිල්
වික්‍රමසිංහ ගත් 

උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි පාර්ලිමේන්තුවේ අගමැති ලේකම් කාර්යාල ආරංචිමාර්ග ප්‍රකාශ කර තිබේ.
අවස්ථා ගණනාවකදීම අගමැතිවරයාත්, කාර්ය මණ්ඩලයේ නිලධාරීනුත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයත්, ඇමැතිවරියව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී තිබේ.
කෙසේ නමුත් ඊයේ දිනයේ අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් ඇය ඔහු සමඟ දීර්ඝ කතාබහක යෙදුණ අතර සිද්ධිය ගැන පැහැදිලි කිරීම්ද කරනු වාර්තා විය.
අද (04දා) පාර්ලිමේන්තුවේදී විජයකලා සම්බන්ධයෙන් අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment