විජේවීර අතුරුදන්වීම ගැන වයිෆ්ගෙ නඩුවට අපි සපෝට් -ජවිපෙ


රෝහණ විජේවීර සහෝදරයා අතුරුදන් කිරීම ගැන අභියාචනාධිකරණයට හබයාස් කෝපස් නඩුවක් පැවැරීම වැදගත් බවත් ඒ සඳහා ජවිපෙ පාර්ශ්වයෙන් විශේෂ මැදිහත් වීමක් අවශ්‍ය නම් සහාය දෙන්න සූදානම් බවත්
ජනතා විමුක්ති

පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ පුද්ගල අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් හබයාස් කෝපස් නඩුවක් පැවරිය හැක්කේ එම අතුරුදන් වූ පුද්ගලයාගේ පවුලේ අයට පමණක් වන නිසා හුදෙක් පක්ෂයකට ඊට මැදිහත් විය නොහැකි බවයි.

රෝහණ විජේවීර සහෝදරයා අතුරුදන් කිරීම පිළිබඳව ආණ්ඩුව නිසි පිළිතුරු ලබා දිය යුතු බවද සිල්වා මහතා අවධාරණය කළේය. කෙසේ නමුත් එකී අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආණ්ඩුවෙන් ඊට සාධාරණයක් ඉටුවේද යන්න ගැන සාධාරණ සැකයක් පවතින බවද හෙතෙම පැවැසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවැනි නඩුවක් ගොනු කිරීම හොඳ කරුණක් බවය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment