සූරියවැව ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර මට්ටමට ගෙන එයි.


මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාව සමඟ හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාම ඇරඹුමත් සමඟ සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ලෙස දියුණු කිරීමට ඉන්දීය රජය අදහස් කරයි.

සූරියවැව ක්‍රීඩාංගණය දිවා රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට පහසුකම් තිබුණද, එහි ජාත්‍යන්තර තරග පැවැත්වීමට හැකි තත්ත්වය ලබා ගැනීමට නොහැකි වී තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දීය හවුල් සමාගමක් යටතේ පාලනය ඇරඹුණොත් සූරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය ද ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබේ. සූරියවැව ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරග පැවැත්වීමට පියවර ගැනීමත් සමගම කතරගම, හම්බන්තොට සහ වැල්ලවාය කේන්‍ද්‍ර කර ගනිමින් තරු හෝටල් රැසක් ඉඳි කෙරනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment