ගෙල සිරකර මරා ළිඳට දැමු යාපනයේ දැරියගේ නිල ඇඳුම හමුවෙයි


යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේදී වයස අවුරුදු 6ක දැරියක් ගෙල සිරකොට මරා දමා ඇගේ මළ  සිරුර ළිඳකට තල්ලු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිල සුනඛයන් යොදාගෙන කළ පරීක්ෂණවලදී  දැරිය පැලඳ
සිටි මාලයේ

මාල පෙත්ත හා දැරිය ඇඳගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇඳුම් කොටස් කිහිපයක් කැලෑවක තිබී සොයාගත් බව යාපනය, වඩ්ඩුකෝඞ්ඩෙයි පොලිසිය පැවැසීය.

දැරිය ඝාතනයට ලක්වූ ස්ථානයට මීටර් 500ක පමණ දුරක පඳුරක් අසල තිබී ඇය ඇඳ සිටි යට ඇඳුමක කොටස් යැයි සැක කරන කොටස් කිහිපයක් එලෙස ඊයේ (O2දා) සවස සොයාගත් බව පොලිසිය සඳහන් කළේය. දැරියගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහල් මෘත ශරාගාරයේදී පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී ඇයගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව අනාවරණය වූ බව වඩ්ඩුකෝඩ්ඩෙයි  පොලිසිය පවසයි.

රෙජිනා නමැති එම දැරියගේ බාප්පා කෙනකු වන සැකකරු දැරිය කුරුල්ලන් පෙන්වීම සඳහා රැගෙන ගියේ යැයි කියන ලඳු කැලෑ ප්‍රදේශයේ තිබී එම මාල පෙත්ත හමුවී තිබේ.  සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරියගේ බාප්පා කෙනකු හා තවත් සැකකරුවන් තුන් දෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන යාපනයේ මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් තිද්දෙනාම ජුලි 11දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීම විනිසුරුවරයා නියෝග කොට තිබේ.  යාපනය පොලිසිය හා වඩ්ඩුක්කෝඩ්ඩෙයි පොලිසිය, පොලිස් නිල සුනඛයන් යොදාගෙන තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment