අගමැති විජයකලාව කොළඹට කැදවයි!
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට කොළඹට පැමිණ අද (04) තමා හමුවන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය ඇමතිනිය හමුවීමෙන් පසුව යාපනයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයිද වාර්තා වේ.
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ අමාත්‍ය ධුරය තාවතාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලිමක් කර ඇතැයිද වාර්තා වේ.
විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයෙදි පෙරේදා (02) එල්.ටී.ටී.ඊ සංවිධානයේ පාලනයක් අවශ්‍ය බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ දිනයේ සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධව ඊයේ (03) පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වය හටගත්තේය.
0 comments :
Post a Comment