විජයකලා ධුරයෙන් නෙරපූ බවට කටකතා - විනය පරීක්ෂණය හෙට


උතුරු නැගෙනහිර පළාත් වල දෙමල ජනතාව වෙනුවෙන් කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් ඊයේ සඳහන් කල ප්‍රකාශය මේ වන විට දේශපාලන
කරලිය වඩාත් උණුසුම් කර තිබෙනව

මෙම ප්‍රකාශය පිළිබඳ සොයා බලා යූඇන්පී රාජ්‍ය ඇමතිවරිය පිළිබඳව තීරණයක් ගත යුතු බවත් අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබුනා.
ඒ අනුව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන්ගේ රාජ්‍ය ඇමති ධුරය ඉවත් කිරීමට අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීන්දුවක් ගත් බවත් ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බව වාර්තා විය.
මේ අතර අද 3 පාර්ලිමේන්තුව ඇයගේ කතාව නිසා උණුසුම් විය.
රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (03) පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි කී ඇමැතිවරයා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බව ද ප්‍රකාශ කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget