රවීව පැත්තකට කිරීමට චන්ද්‍රිකා ඇතුළු තුන්කට්ටුවක් දැඩි උත්සාහයක...
රවී කරුණානායක මහතා වෙත නැවත මුදල් අමාත්‍යාංශය භාර දීම වැලැක්වීම සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම හා මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී යන තිදෙනා දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වෙයි.
මේ මොහොතේ රට තුළ මූල්‍ය ස්ථාවරභාවයක් ඇති කිරීමට රවී කරුණානායක මහතා විශාල වෙහෙසක් ගන්නා බවත් එය ඔහුට කළ හැකි බව ඔවුන් තිදෙනා හොඳින්ම දන්නා නිසාත් රවී කරුණානායක මහතාව පසුපසට කර තැබීම ඔවුන්ගේ අරමුණ බව සඳහන්.
මෙහි ඇති රසවත්ම කාරණය වන්නේ මුදල් අමාත්‍යාංශය හසුරුවන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නම් කරන ලද අමාත්‍ය මංගල සමරවීර, මනෝ තිත්තවැල්ල හා දෙශාල් ද මෙල් යන තිදෙනා වීමයි.
මේ වන විට රවී කරුණානායක මහතාට බාධාවක්ව සිටින වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා පිළිබඳ විශේෂ සටහනක් තැබිය යුතුය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා අරලිය ගහ මන්දිරයේ පැවති සෑම ආර්ථික කමිටු රැස්වීමකටම සහභාගී වී තිබේ.
විශිෂ්ට ගණයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන කුමාරස්වාමී මහතාගේ සහෝදරිය වන රාධිකා කුමාරස්වාමී මහත්මිය පාලනය කිරීම සඳහා ඔහුව රජපක්ෂවරු තමන් වෙත නතු කර ගෙන තිබේ.
වත්මන් ආණ්ඩුව තුළද අගමැතිවරයාගේ සමීපතමයෙකු ලෙස ගැනෙන මලික් සමරවික්‍රම මහතා විසින් කුමාරස්වාමී මහතාව ඔවුන්ගේ පාර්ශවයට නම්මවා ගෙන ඇත. යහපාලන ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව නිසා එම ධූරයේ තවදුරටත් රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීමත් සමඟ ඒ සඳහා ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා ගෙන ඒමට චන්ද්‍රිකා කුමාරතුංග මලික් සරවික්‍රම හරහා මැදිහත් වී තිබේ. ඒ අනුව චරිත රත්වත්තේ මහතා විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ඇත.
මේ අතර මහ බංකුවේ වර්තමාන තත්ත්වය පිළිබඳ එහි වෘත්තීය සමිති ද අපූරු හෙළිදරව්වක් සිදු කරයි. මහ බැංකුවේ වෘත්තීය සමිති පවසන ආකාරයට ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා සමඟ සමීපව කටයුතු කරන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුව දුර්වල කර ආර්ථිකය අස්ථාවර කිරීමට උත්සහා දරමින් තිබේ.
(LNW)
0 comments :
Post a Comment