විජයකලාට විරුද්ධව CIDයට පැමිණිල්ලක්

download

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ප්‍රකාශයක් සිදු කළ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සිංහල රාවය සංවිධානය අද (03දා) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ජනාධිපති, අගමැති මැදිහත්වී විජයකලා මහේෂ්වරන්ගේ ඇමැති තනතුර ඉවත් කළ යුතු බවත් පොලීසිය වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද එම සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ අවධාරණය කළහ. මේ පිළිබඳව දින 03ක් ඇතුළත නීතිය ක්‍රියාත්මත නොකළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද උන්වහන්සේ පවසා සිටියහ. පොලිස්පතිවරයාට අදාළ පැමිණිල්ල සිදු කළ බවත් මේ අනුව නීතිය නැවීමකට ලක් නොකර පොලිස්පතිවරයා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද මෙහිදී වැඩිදුරටත්  අවධාරණය කළහ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment