කිරුළපන මෙහෙයුමෙදී කුඹිකැලේ "කුකුළා" ඇතුළු 9ක් අත්අඩංගුවට


කිරුළපන, කූඹිකැලේ ප්‍රදේශයේ කළ හදිසි වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් පනස්දෙකයි මිලිග්‍රෑම් තුන්සිය තිස්නවයක් සමඟ මත්ද්‍රව්‍ය රැසක් ළඟ තබා ගත් කිරුළපන "කුකුළා " ඇතුළු සැකකරුවන් නවදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.  මෙම වැටලීමේදී ස්ථාන
දෙකක තිබී හෙරොයින් මිලිග්‍රෑම් 52 මිලීග්‍රෑම් 3392, ගංජා මිශ්‍ර මදන මෝදක ග්‍රෑම් 37ක්ද මත්පෙති 10ක්ද සොයාගෙන ඇති බව කියයි. කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් යටවර මහතාගේ උපදෙස් මත කණ්ඩායම් දෙකක් යොදවා මෙම වැටලීම කෙරිණි.

එහිදී කිරුළපන

කුඹිකැලේ නිවෙසක තිබී නුවර සහ කොළඹ අවට ප්‍රදේශ රැසකට බෙදා හැරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 48ක් හා මිලිග්‍රෑම් 400ක් සමඟ සැකකරුවන් සිවුදෙනකු කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් බව පවසයි.  එහිදී කිරුළපන "කුකුළා" සමඟ සැකකරුවන් තිදෙනකුද නුවර පදිංචිකරුවකුද අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර තවත් ස්ථාන කිහිපයකදී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 935ක් සමඟ සැකකරුවන් දෙදෙනකුද මත්පෙති 10ක් සමඟ සැකකාරුවෙක්ද ගංජා මිශ්‍ර මදනමෝදක ග්‍රෑම් 37ක් සමඟ සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.  මීට අමතරව දින වරෙන්තු ලැබූ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් කිරුළපන කුකුළා නමැත්තාට හෙරොයින් සම්බන්ධයෙන් නඩු 12ක් ක්‍රියාත්මක බවත් වසර 5ක් පමණ බන්ධනාගාර ගතව සිට පැමිණි අයකු බවත් පැවසේ. මෙම හෙරොයින් තොටළඟ ප්‍රදේශයෙන් ගෙනවිත් කොළඹ සහ නුවර ප්‍රෙද්ශය වශයෙන් අලෙවි කිරීමට කලක සිට කරගෙන විත් ඇත. සැකකරුවන් කොළඹ අලුත්කඩේ අංක vi අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment