පොළොන්නරුව සූර්ය බලාගාර ව්‍යාපෘතිය Didul ට.
ඉදි කිරීම, අයිතිය හා පවත්වාගෙන යාම යන පදනම මත මෙගා වොට් 10ක සූර්ය බලාගාරයක් පොළොන්නරුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජනා වී ඇත.
එසේ වුවත්, එම ප්‍රදේශයෙන් සුදුසු ඉඩමක් සොයාගැනීමට අපහසු වූ බැවින් වාලච්චේන ග්‍රිඩ් උපපොළ ආසන්නයේ තිබූ සුදුසු ඉඩමක මෙම බලාගාරය ස්ථාපිත කිරීම සඳහා තීරණය කරන ලදී.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙගාවොට් 10 එකී සූර්ය බලාගාරය ඉදිකිරීම, අයිතිය හා පවත්වාගෙන යාම සඳහා වන ප්‍රසම්පාදනය කිලෝවොට් පැය 1ක් සඳහා රුපියල් 12.49ක මිලකට M/s Didul (Pvt.) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
0 comments :
Post a Comment