පොලීසිය SMART පොලිස් හමුදාවක් කළ යුතුයි.


පොලීසිය සුහුරු පොලිස් හමුදාවක් ලෙස ප‍්‍රතිව්‍යූහගත කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

හෙතෙම මෙම අදහස් පළකර සිටියේ එල්.ආර්.ඩී.සී. සේවා පුද්ගලික සමාගම හා චීනයේ හුආ ටයි සොන්ග් හෙන්ග්( Hua Tai Zong Heng Security Technologies (Pvt) Ltd. ) ආරක්‍ෂක තාක්‍ෂණික පුද්ගලික සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

“එක පැත්තකින් වැඩි දියුණු වී තිබෙන ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලිනුත්, ඒ වගේම යම් යම් රටවල සිදුවන අපරාධ වර්ධන කි‍්‍රයාවලියත් සමග අද මේ කලාපයේත් ලෝකයේ අනෙකුත් රටවලත් ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ඇතිවී තිබෙනවා. ඒ නිසා තාක්ෂණය පදනම් කරගත් ආරක්‍ෂක ක‍්‍රියාවලියක අවශ්‍යතාවය අපට දැනෙනවා.

වර්තමානයේ ආරක්‍ෂාව පිළිබඳව නොයෙක් දෙනා නොයෙක් මත පළකළත් 2003 වසරේදී මෙරට වාර්තාගත අපරාධ ප‍්‍රමාණය 55,000ක් පමණ වෙනවා. 2017 වසරේදී වාර්තාගත අපරාධ ප‍්‍රමාණය 30,000 ක්. අපරාධවල යම් අඩුවීමක් තිබුණත්, ජනමාධ්‍ය විසින් විශාල තැනක් ලබාදී සමාජයේ මතයක් ඇති කර තිබෙනවා අපරාධවලට ඝාතන,  ස්තී‍්‍ර දූෂණ, මත්ද්‍රව්‍ය ආදියට රටේ මහා අපරාධ රැල්ලක් තිබෙන බවට.

සාමකාමී කාලයේදී පොලීසිය ප‍්‍රතිව්‍යූහ ගතකරන එකට අපි පමා වුණා. එමගින් අපට ගැටලු ගණනාවක් පැන නැගී තිබෙනවා. දැන් එම පොලීසිය සුහුරු පොලිස් හමුදාවක් ලෙස ප‍්‍රති ව්‍යූහගත කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි.” යැයි පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget