ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයෙක් : කිරිඇල්ලගෙන් ප්‍රතිඥාවක්!




කවුරු මොනවා කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අවශ්‍ය බව ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ මහනුවර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා හා පලාත් පාලන නියෝජිතයින්ගේ හමුවකට ඊයේ (12) දින එක්වෙමිනි. 

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, 

"ලබන ජනවාරි මාසයෙන් පස්සේ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට යන්න හැකියාව තියෙනවා. එ් නිසා පලාත් සභා මැතිවරණයකට කලින් ජනාධිපතිවරණයක් එන්නත් පුළුවන්. කවුරු මොනවා කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න  ඕනෑ. අපිට අපේ ආණ්ඩුවක්  ඕන. ගමේ ජනතාවට  ඕන අපේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. යහපාලන ආණ්ඩුවට ලැබුණ ඡන්දවලින් 80% ඡුන්ද අපේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට යමක් කරන්න නම් අපිට තනි ආණ්ඩුවක් අවශ්‍යයයි. එක්සත් ජාතික පක්ෂයට මිල`ග ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන්න පු`එවන්.  ඒ ගැන කල්පනා කරලා  අපේ පක්ෂය තවත් ශක්තිමත්  කරන්න  ඕන. 

පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ගැන සමහර අය උදම් ඇනුවා.  හැබැයි ඒ ඡුන්ද ප‍්‍රතිඵල අනුව පොහොට්ටුවට මු`එ ලංකාවෙන්ම 44% ක් ලැබුණා කියලා එ් අය කියනවා. ඒ වුනත් සියයට 56ක්  පොහොට්ටුවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේක ගැන අපි කල්පනා කරන්න  ඕන.  කලබල වෙන්න අවශ්‍ය නැහැ"  

මෙම අවස්ථාවට පක්ෂ සාමාජිකයින්, ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ආසන සංවිධායකවරුන්, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment