කොළඹ - වාරණාසි සෘජු ගුවන් ගමන් ඇරඹීමට යයි.


ශ්‍රි ලංකාවෙන් දඹදිව වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන් වෙනුවෙන් කොළඹ සිට දඹදිව වරණාසි දක්වා සෘජු ගුවන් සේවාවක් ආරම්භ කරන බවත්, එසේම ඉන්දීය සම්භවයක් ඇති වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දියානු රජයෙන් තවත් නිවාස දස දහසක් ඉදිකරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ නුවරඑළිය පුඩළුඔය ඩන්සිනන් වතුයායේ ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන් ඉදි කළ නිවාස 404කින් සමන්විත මහත්මාගාන්ධිපුරම් ගම්මානය අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (12) ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රැස්ව සිටි ජනතාව අමතමිනි.

වතුකරයේ නිවාස 4000 ඉදි කිරීම සඳහා ඉන්දියාව දැනටමත් මූල්‍ය අනුග්‍රහය ලබාදී ඇති බවත්, අලුතින් ඉදිකිරීමට නියමිත නිවාස දස දහස වෙනුවෙන් රුපියල් බිලියන 12 වෙන් කරන බවත්, මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක් වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

වර්ග අඩි 550 කින් සමන්විත මෙම එක් නිවසක් පර්චස් 7ක ඉඩම් කැබැල්ලක තනි නිවාස වශයෙන් ඉදිකර ඇති අතර, මෙම සෑම නිවසකටම හිමිකම් ඔප්පුවක්ද වතු කම්කරුවන්ට ලබාදීමට රජය කටයුතු කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment