බලන්ගොඩ ලොරි-වැන් අනතුරින් හයකට තුවාලයි

බලන්ගොඩ  කල්තොට  ප්‍රධාන මාර්ගයේ  කුමාරගම මංසන්ධියේ  දි  අද  (12) දා පස්වරුවේ  1.45  ට  පමණ   ලොරි රථයක්  සහ  වැන්   රථයක්   මුහුණට මුහුණ ගැටිමෙන් කුඩා  දරැවෙක්  ඇතුළු   හය දෙනෙකු  තුවාල
ලබා  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කල බව  පොලිසිය පවසයි .
   අනතුර සිදුව

ඇත්තේ  කල්තොට ප්‍රදේශයේ  සිට  බලන්ගොඩ නගරය දක්වා ධාවනය වෙමින් තිබු  වැන්  රථයක්  සහ බලන්ගොඩ ප්‍රදේශයේ  සිට  කල්තොට දෙසට  ධාවනය වෙමින් තිබු ලොරි රථයක්   මුහුණට මුහුණ  ගැටෙමෙන්   අනතුරුව  වහන දෙකම  අසල  තිබු   තාප්පෙක වැදීමෙනි.
       අනතුරින්    තුවාල  ලැබු  අයගේ    තත්ත්වය බරපතල  නොවන  බවත් ද  බලන්ගොඩ ⁣ මුලික රෝහල්   පොලිසිය  පැවැසිය. මෙම  අනතුරින්   වැන් රථයට  හා  ලොරි රථයට  බරපතල  හානි සිදුව තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ  රථ වාහන  අංශයේ ස්ථානාධිපති  තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි  නිලධාරීන් පිරිසක්  පරික්ෂණ  පවත්වති.

ජායාරූපය බලන්ගොඩ කල්තොට මාර්ගයේ  කුමාරගම  මංසන්ධියේ දි  වැන් රථයක් සහ ලොරි  රථයක්   ගැටි  අනතුර  සිදුව ඇති  අයුරු .



තොරතුරු හා ඡායාරූප - බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment