තිදෙනෙකුට මරු කැඳවූ පස්සර වෙළඳසැලේ ගින්න භූමි තෙල් දමා කළ ඝාතනයක්

පස්සර නගරයේ පිහිටි තෙමහල් වෙළඳසැලක් තුළ හටගත් ගින්නකින් විෂ හා උණුසුම් වායුව අඝ්‍රහණය වීමෙන් ඇති වූ ව්‍යාකුලතාවක් හේතුවෙන් කාන්තාවන් තිදෙනකු මරණයට පත්වීමේ සිද්ධියේ  ගින්න ඇතිවී තිබෙනුයේ භූමිතෙල් දමා ගිනි තැබීමකින් විය හැකි යැයි රජයේ රසපරික්ෂක වාර්තාවෙන් හෙළිකර තිබේ.

එම වාර්තාව මහේස්ත්‍රාත්

අධිකරණයට ඉදිරීපත් කළ බවත්, මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්ෂණ පුළුල් කර ඇති අතර, පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන සිදු කරන බවත් බදුල්ල පොලිස් අධිකාරී ධමිමික වීරසේකර මහතා පැවසීය.  පසුගිය ජුනි මස 14 වැනිදා අලුයම් කාලයේදී පස්සර නගරයේ පිහිටි තෙමහල් වෙළඳ සැලක් තුළ ඇති වූ ගින්නකින් කේ.ටී. මල්ලිකා (අවු.62), කේ.බී. චිත්‍රා (අවු.61) ටී.එච්. කල්පනා(අවු,23) නමැත්තියත් ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මරණයට පත්ව අත්තේ අදාළ වෙළදසැල් හිමියාගේ මව, පුංචි අමිමා සහ නැගෙණිය බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.වෙළෙඳ සැල් හිමියා සිරිත් පරිදි මරණකාරීන් තිදෙනා වෙළෙඳසැල් ගොඩනැගිල්ල තුළ සිටියදී පිටතින් අගුළු දමා වෙළෙඳ සැල වසා සිය නිවසට ගොස් තිබියදී ගින්න ඇතිව තිබූ බවද විමර්ශනවලදී හෙළිව තිබේ.

මරණකාරියන්ට වෙළෙඳ සැලින් පිටවීමට දොරටුවක් නොතිබීම හේතුවෙන් මරණයට පත්ව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.ගින්න සිදු වූයේ කෙසේ දැයි සොයා ගැනීම සදහා රජයේ රසපරීක්‍ෂකවරයාගේ වාර්තාවක් කැඳවීමට පියවර ගැනිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment