මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී..! පොලීසිය නිදි?



ගම්පහ ඉහළ යාගොඩ, බැලුම්මහර සහ පහළ යාගොඩ යන ප්‍රදේශ වල පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. 

පාසල් යන වයසේ සිටින දරුවන් රාත්‍රී කාලයේදී කල්ලි ගැසෙමින් මෙම මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටින අතර ඉන් පසුව ඔවුන් යතුරු පැදි සහ ත්‍රීවිල් රථවල නැගී  කෑ ගසමින් පාරවල් වල යාම සුලබ වී ඇති බවද වාර්තා වී ඇත. එලෙස යතුරු පැදි ධාවනය කරන බොහෝ දෙනෙකුට වලංගු රිය ධාවන බලපත්‍ර හෝ නොමැති පාසල් දරුවන්ය.  කල්ලි ගැසී මත්ද්‍රව්‍ය භාවිතය සහ නිල් චිත්‍රපට නැරඹීම මේ වනවිට බොහෝ සුලභ වී ඇති අතර මේ හේතුව නිසා එම ප්‍රදේශයේ ජීවත්වන ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද බරපතළ ගැටලු ඇතිවී තිබේ. 

මෙම තත්වය පිළිබඳව අවස්ථා ගණනාවකදී ප්‍රදේශවාසීන් විසින් ගම්පහ පොලීසිය සහ පොලිස් අධිකාරි කාර්‍යාල දැනුවත් කලද ඒ පිළිබඳව පොලීසිය විසින් කිසිදු අවධානයක් යොමුකර නොමැත. 

පාසල් යන වියේ පසුවන දරුවන් බොහෝ දෙනෙකු මේ වනවිට පාසල් ගමන අතහැර මෙම කල්ලි සමඟ එක්වෙමින් විවිධ සමාජ විරෝධි ක්‍රියාකාරකම් වල නියැලෙන බවටද අනාවරණය වී තිබේ. 

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන් ගම් ප්‍රදේශය වන මෙම ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය උවදුර පැතිරයාම සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ පොලීසිය සෘජුව වගකිව යුතු බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment