ලක්ෂ 38ට කොළඹින් ගෙදරක්..?



කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන මධ්‍යම පාන්තික වෘත්තිකයින්ට වඩාත් සුවපහසු ජීවිතයක් ලබාදීමේ අරමුණ ඇතුව ඉදිකල මුල්ලේරියාව මුල්ලේරියාව, මණ්ඩාවිල  Lake Crest Residences නිවාස සංකීරණය පසුගියදා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි. 

මුල්ලේරියාව වැව ආසන්නයේ සුන්දර පරිසරයක පිහිටි මෙම නිවාස සංකීරණය අක්කර පහක භූමිභාගයක් පුරා පැතිර පවති. එහි මුළු නිවාස ඒකක ගණන 500 ක් වන අතර මහල් 05 කින් යුත් නිවාස සංකීරණ 06 කින් සමන්විතය. කර්යාලීය ස්ථාන, බස් නැවතුම්, රෝහල්, ප‍්‍රමුඛ පෙලේ පාසල්වලට ඉතා පහසුවෙන් ලඟා විය හැකි ස්ථානයක පිහිටි මෙම ව්‍යපෘතියෙන්, නිවාස ඉල්ලූම්කරුවන්ගේ අවශ්‍යතාවය අනුව සියළු පහසුකම්වලින් සපිරි නිවසක් බිම් මහලේ සිට පස්වන මහල දක්වා කැමති ස්ථානයකින් වෙන්කර ගැනීමේ හැකියාව ඇත. රුපියල් මිලියන 4.2 සිට රුපියල් මිලියන 3.8 දක්වා සහන මිලකට නිවසක් ලබා ගත හැක. වර්ග අඩි 442 කින් යුත් මෙම නිවසක නිදන කාමර 02ක්, වැසිකිලි හා නාන කාමරය, මුළුතැන්ගෙය, විසිත්ත කාමරය, හා සඳළුතලයක් අන්තර්ගතය. තවද වාහන නැවතීමේ අංගන, ප‍්‍රජා ශාලාව, පොදු පරිහරණ ස්ථාන, කුණු කසල ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ පහසුකම්, නිවාස සංකීරණය වටා අරක්‍ෂිත තාප්පය, ඇවිදින මංතීරු ඇතුලූ පහසුකම් ද සපයා තිබේ.

එමෙන්ම සූර්ය පැනල තාක්ෂණය මගින් මහල් නිවාස අවට පරිසරය හා අභ්‍යන්තර විදුලිය සපයා ගැනීම සිදුකරයි. ඒ හේතුවෙන් විදුලිය සඳහා වැය වන මුදල් ප‍්‍රමාණය අවම වන හෙයින් එම ඉතිරිවන මුදල් නිවාස සංකීරණයේ පොදු පහසුකම් ඉහළ නැංවීමට වීමට යෙද වේ.

රජයේ හා පෞද්ගලික අංශයෙහි සේවය කරනු ලබන වෘත්තිකයන්, පරිපාලන නිලධාරීන්, මාධ්‍යවේදීන්, තාක්ෂණ අංශයේ නිලධාරීන් වැනි විවිධ තනතුරු දරණ සේවකයන් මෙම ව්‍යාපෘතියෙහි ඉලක්ක ගත කණඩායම් වේ. 

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මඟපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය  සිදුකර තිබේ. 

මෙම ව්‍යාපෘතියේ නිවාස වෙන් කරවා ගැනීමට සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිවෙමින් පවතින නිවාස යෝජනා ක්‍රම දැනගැනීම සඳහා http://www.uda.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment