අලුතින් ඒඩ්ස් රෝගීන් 6 ක් ගාල්ලෙන් හමුවේ


එච්.අයි.වී. ආසාදනයට ලක්වූ සංඛ්‍යාව මේ වන ඉහළ යමින් පවතිනවා. ඒකට වැඩිපුරම ලක්වන්නේ තරුණ අය යැයි ගාල්ල මහමෝදර ලිංගාශ්‍රිත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය දර්ශනී විජේවික්‍රම මහත්මිය
පවසන්නීය.  මේ වසරේ පසුගිය කාර්තුවේදී ගාල්ල මහමෝදර ලිංගාශ්‍රිත රෝග සායනය විසින් අලුතෙන් රෝගීන් 6 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මුල සිට එම සායනවල ලියාපදිංචි වුණු සංඛ්‍යාව ලෙස ගිය වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා රෝගීන් 81 දෙනෙක් හඳුනාගෙන ඇතැයි වෛද්‍යවරිය පවසන්නීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ලිංගාශ්‍රිත රෝග (ඒඩ්ස්) ව්‍යාපෘතිය හා වර්තමාන තත්වය පැහැදිලි කරමින් ගාල්ල දිස්ත්‍රික රෝග මර්දන සම්බන්ධීකරණ කමිටුවේදී විශේෂඥ වෛද්‍යවරිය එම තොරතුරු හෙළි කළාය.  වැඩිදුරටත් කරුණු අනාවරණය කළ වෛද්‍යවරිය,

එම රෝගීන් 81  දෙනාගෙන් රෝගීන් 55ක් සඳහා ප්‍රතිකාර කටයුතු සිදුකරනවා. සමහරු මියගොස් තිබෙනවා. තවත් සමහරු වෙනත් සායනවලට මාරුකර යවා තිබෙනවා. තවත් අය ප්‍රතිකාරවලට එන්නේ නැහැ. ගාල්ල මහමෝදර  ලිංගාශ්‍රිත රෝග සායනවල මේ  අවුරුද්දේ පළමු, දෙවැනි කාර්තුවලදී අලුතින් රෝගීන් 413 දෙනෙක් ලියාපදිංචි වී සිටිනවා. මේ අතරින් 208 දෙනකු ලිංගාශ්‍රිත රෝග ඇති අය බවට හඳුනාගෙන තියනවා.

මේ  වසරේ ජුනි මාසය වනවිට මේ අය නැවත නැවත පැමිණීමේ අවස්ථා 1435ක් වාර්තා වෙනවා. HIV පරීක්ෂාව සඳහා ගර්භණී මාතාවන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවන් 5912ක් මේ වනවිට සිදුකර තිබෙනවා. ඉන් කිසිදු ගැබිනි මවකගෙන් රෝගී තත්වයක් වාර්තා වුණේ නැහැ. නමුත් 2015 වර්ෂයේදී HIV වැලඳුණු එක් ගර්භණී මවක් හමුවුනා. එහිදී ඒ මවන ප්‍රතිකාර කර ඒ මවගෙන් HIV නැති බබෙක් බිහිකිරීමට අපිට හැකි වුණා. මවගෙන් දරුවන්ට HIV බෝවීම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් මේ වටත් ක්‍රියාත්මක කෙරෙනවා.

-තරිදු භාග්‍ය විජේහේවා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment