ජවිපෙත් ජනාධිපති තරගයට එයි : අපේක්ෂකයා පක්ෂයේ කෙනෙක් නෙමෙයිලු!



2019 අග මීලඟට කැඳවීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂය විසින්ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

තම පක්ෂය විසින් ගෙන ආ විසිවන සංශෝධනය හරහා ජනාධිපතිවරණය අවලංගු කිරීමට සූදානම් බවත්, එහෙත් විසිවන සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුව හොත්, පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ මේ වනතෙක් පක්ෂය විසින් තීරණය කර නොමැති බවත්, ඉදිරියේදී සාකච්ඡාකර එම අපේක්ෂකයා තෝරා ගන්නා බවත් ඔහු පැවසීය.

ජවිපෙ ඉදිරිපත් කරන අපේක්ෂකයා නිසැකවම පක්ෂයේ සාමාජිකයකු වන බවත් කිසිසේත්ම ඔහු පොදු අපේක්ෂකයකු නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

(රාවය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment