ක්‍රිකට් ආයතනයේ තවත් TV මගඩියක් එළිවෙයි.



එළඹෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දේශීය තරග විකාශ අයිතිය ජාතික රූපවාහිනයට ලබා නොදීමේ මඟඩියකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසෙන බව වාර්තා වේ.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ විකාශ අයිතිය ලබාදීමට සැරසෙන්නේ ස්පොර්ට්ස් ෆස්ට් ලෙස පවත්වාගෙන ගොස් 2015 ජූලි මාසයේදී නම වෙනස් කරන  ලද TV One නාලිකාව සඳහා බව පැවසේ.

 TV One නාලිකාවේන් මුළු දිවයිනම ආවරණය නොවන බවත්, ඉන් ආවරණය වන්නේ දිවයිනෙන් 48% පමණ ප්‍රමාණයක් බවත් වාර්තා වේ. 

විශේෂයෙන් එම නාලිකාවේ උතුරු නැගෙනහිර ආවරණය නොවන බවද පැවසේ.

පහත සිතියමින් එය සානාථකර ගත හැකි වේ.



ජාතික රූපවාහිනිය දිවයිනෙන් 95%ක ප්‍රමාණයක් ආවරණය කරනු ලබයි. 

එය පහත සිතියමේ දැක්වේ.



කෙසේවුවද, පසුගිය කාලයේදී වෙළෙඳ අවදානමක්ද ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේද ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙත ගෙනඑනු ලැබුවේ ජාතික රූපවාහිනිය විසිනි.

පද්මෙගේ ෆෝන් ඕෆ් 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලයලත් නිලධාරීයා ලෙස කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

(මිරර් ගේම්ස්)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment