අයවැය පරදවන සැලසුමක්!




ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සමග පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි. 

ආණ්ඩුවෙන් ඉවත් වූ පහළොස් දෙනාගේ කණ්ඩායම මේ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන අතර ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු කිහිප දෙනකුද එළඹෙන අයවැයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂවලද එකඟතාව හිමි වී ඇති බව පවසන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ජනතා විමුක්ති පෙරමුණේ සහයද මේ සඳහා ලබාගන්නා බවද පවසති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment