වාහනවලට තවත් බදු : පනත සුදානම්!




2018 අයවැය මගින් යෝජනා කර තිබූ රාජ්‍ය මුදල් පනත මගින් නව බදු ගණනාවක් හඳුන්වාදීමට යයි. ඊට අදාළ පනත් කෙටුම්පත දැනටමත් මැතිසබයට ඉදිරිපත් කර ඇත්තේ සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහාය.

ඒ අනුව වාහන බලපත්‍ර ගැනීමේදී නව කාබන් බද්දක් ක්‍රියාත්මක කෙරේ. රජයේ ණය ආපසු ගෙවීම සඳහා ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද රුපියල් දසදහසකට වැඩි බැංකු ගනුදෙනු මත පනවනු ලැබේ. සුඛෝපභෝගී වාහන සඳහා පනවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද හා දුරකතන කුලුනු මත පැනවෙන දුරකතන කුලුනු බද්ද නව මූල්‍ය පනත මගින් ක්‍රියාත්මක කිරීමය යෝජිතය.

ළඟදීම මෙම පනත මැතිසබයෙන් සම්මත කරගෙන ක්‍රියාවට නැංවීම රජයේ අදහස බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment