ගෝඨාට එරෙහි වෙල්ගමගේ සටන ප්‍රබලයි - මහින්ද ගේන සුදානමක්! [Video]



ඇමරිකානු පුරවැසියන්ට මෙරට මැතිවරණ සදහා ඉදිරිපත් වීමට නොහැකි බවත් එවැන්නන් ගැන සාකච්ජා කිරීමෙන් පලක් නැති බවත් ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කර සිටියි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මීලග ජනාධිපතිවරනය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේදැයි මාධ්‍යවේදීන් විසින් කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

රාජපක්ෂ පවුලේ තමන් කැමති එකම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බව පැවසු මන්ත්‍රීවරයා, පවුල් පාලනයට තමන් තරයේ විරුද්ද බවද එහිදී සඳහන් කළේය.

''මහින්ද මහත්තයට බාධාවක් නැහැ''

මීලග ජනාධිපතිවරණයට තරග වැදීම සදහා කිසිදු බාධාවක් මහින්ද රාජපක්‍ෂ මහතාට නැති බවත් ඔහු නාම යෝජනා බාර දුනහොත් මැතිවරණ කොමසාරිස්වරයාට එය ප්‍රතික්‍ෂෙප කිරීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් කෙතරම් වෙනස් කළද සියලුම ජනතාව සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවද මන්ත්‍රිවරයා එහිදි සඳහන් කළේය.

 ''ඒ කලේනම් ඔහොම මිනීමරන අය හිටියා ''

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයකට ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ බවට එක්සත් ජාතික පක්ෂය කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා පැවසුවේ, ''ඒකාබද්ධයේ ඔහොම මිනීමරන අය නැහැ. අපේ ආණ්ඩු කාලේ නම් හිටියා. දැන් හුළං බැහැල ඉන්නේ. '' කියාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment