පාර්ලිමේන්තුව වහාම කැඳවන්න : මන්ත්‍රීවරුන් 128ක් කතානායකගෙන් ලිඛිතව ඉල්ලයි.
රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය කඩිනමින් විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් කතානායකවරයා වෙතින් ලිඛිතව ඉල්ලා ඇති බව කතානායක කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ, සහ ද්‍රවිඩ සන්ධානය මේ වන විටත් වෙනම ලිපි ලබාදෙමින් කතානායකවරයා දැනුවත් කර ඇත.
එසේම ජනතා විමුක්ති පෙරමුණ ද මෙම ඉල්ලිම ලිඛිත හෙට උදෑසන ලබා දීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 128ක් පාර්ලිමේන්තුව වහාම කැඳවන යෝජනාවට පක්ෂව සිටින අතර, පාර්ලිමේන්තුව කල්දමා තිබීමට පක්ෂව සිටින්නේ කතානායකවරයා හැර මන්ත්‍රීවරුන් 96ක් පමණි.
පවතින පාර්ලිමේන්තු සංයුතිය අනුව මෛත්‍රී - මහින්ද පාර්ශවය සතුව සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 95ක් පමණි.

0 comments :
Post a Comment