සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය මහින්දට.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ  (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කකර ඇති බව ජනාධිපති මාදය අංශය නිවේදනය කළේය.

එම ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදෙන බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් එය ස්ථීර කිරීමෙන් අනතුරුව සියලූ මන්ත්‍රීවරුන් ඒ සඳහා ඒකමතිකව සහයෝගය පළ කරන ලදී.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා ද, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටී අතර ඔවුන් සියලූදෙනාගේ සහයෝගය ද රජයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ලබාදෙන බව ප්‍රකාශ කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment