කොටස් වෙළෙඳපොළේ වර්ධනය පුස්සක් : විදෙස් ආයෝජන සීඝ්‍රයෙන් ඉවතට.
ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ වර්ධනයක් වාර්තා කල ද, එය විදෙස් ආයෝජන ඉවත්වීම හමුවේ දේශීය මිල දී ගැනීම් වර්ධනය වීම නිසා හටගත් තාවකාලික උත්ප්‍රේරණයක් බව ආර්ථික විශ්ලේශකයන් පවසයි.
රට තුල ඇති දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් විදෙස් ආයෝජන මෙසේ ඉවත් වෙමින් පවතින අතර එය ඉදිරි දින කිහිපයේ රුපියලේ අගය තව දුරටත් කඩා වැටීමට හේතු වනු ඇති බවට ද ආර්ථික විශ්ලේශකයන් අනතුරු අඟවයි.
අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය 175. 56 ලෙස වාර්තා විය.
එසේම ඊයේ දිනයේ දක්නට ලැබුණු තවත් කැපී පෙනෙන සිදුවීමක් වූ රුපියල් බිලියන 4 ක් ඉක්මවූ දෛනික ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි.
2018 වසරේ මේ දක්වා කාලය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 768 ක්වූ අතර අද දින එම අගය සටහන් වූයේ රුපියල් බිලියන 4.16 ක් වශයෙනි.
මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය දෙන ලද්දේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ගිවිසා ගනු ලැබූ ගනුදෙනු කිහිපයකි. මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් මිලියන 19.63 ක් රු. 141.00 බැගින් ගනුදෙනු වූ අතර රුපියල් බිලියන 2.76 ක පිරිවැටුමක් එමඟින් වාර්තා විය. මීට අමතරව රුපියල් මිලියන 208 ක පිරිවැටුමක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනුවලින් වාර්තා විය.
මීට අමතරව තවත් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු දෙකක් දිනය තුළ මේ දක්වා වාර්තා වී තිබේ. එහිදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 15 ක් රුපියල් 20.20 බැගින් හා හැටන් නැෂනල් බැංකු සමාගමේ කොටස් මිලියනයක් රුත 205.00 බැගින් අද දින ගනුදෙනු විය. මෙම ගනුදෙනු හරහා පිළිවෙලින් රු. මිලියන 303.00 ක හා රු. මිලියන 205.00 ක පිරිවැටුම් වාර්තා වී තිබේ.
ඊයේ දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා වැඩිම දායකත්වයක් ලබා දුන් සමාගම් ලෙසින් ඩිස්ටිලරීස්, කොමර්ෂල් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස්, ඩයලොග් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වාර්තා වේ.


0 comments :
Post a Comment