හිටපු ඇමතිලාගේ ආරක්ෂාව අඩුකරන්න IGP ගෙන් නියෝග.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කොට සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන ආරක්ෂාව ඔවුන්ට ලබාදෙන ලෙස පොලිස්පති පූජිත් ජයසන්දර මහතා නියෝග කර තිබෙනවා.
අද (30) සිට බලාත්මක වන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක කරන ලෙසටයි පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තේ.
ඒ අනුව සාමාන්‍යයෙන් ඇමතිවරයෙකුට හිමිවන ආරක්ෂක නිළධාරීන් 7 කගේ ආරක්ෂාව දෙදෙනෙකු දක්වා අඩුවනු ඇති.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නිළධාරීන් සංඛ්‍යාවද දහයක් දක්වා අඩු කිරීමට පොලිස්පතිවරයා ඊයේ (29) උපදෙස් දී තිබුණා.

0 comments :
Post a Comment