“ඔබේ පත්වීම නීති විරෝධීයි” - සම්පන්දන් මහින්දට කියයි [Video]


ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස දෙන ලද පත්වීම නීති විරෝධී බව විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ මුණගැසී පවසා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයට කරන ලද ආරාධනය ප්‍රතික්ෂේප කළ  විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ හමුවීමට ගොස් ඊයේ ඇත්තේ කොළඹ, විජේරාම මාවතේ  පිහිටි හිටපු ජනාධිපති  නිල නිවෙසටය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් විතරයි එයාව හමුවුනේ,” යි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා කතානායකවරයා සමග පාර්ලිමේන්තුවේ පැවති හදිසි පක්ෂ නායක සාකච්ඡාවක් අවසානයේ මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

“ඔබතුමා පත් කරපු ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි, නීති විරෝධීයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි,” යනුවෙන් ආර් සම්බන්ධන් විසින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරන ලද බව දෙමළ ජාතික සන්ධාන (TNA) මන්ත්‍රීවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා කැඳවා ඇත්තේ අගමැති ධුරය ලබා ගැනීමට මන්ත්‍රී ධුර 16ක් ඇති TNA සහාය ලබා ගැනීමටය.

එහිදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සුමන්දිරන් මන්ත්‍රීවරයා තරයේ කියා සිටියේය.

අනතුරු ඇඟවීමක්!
පාර්ලිමේන්තුව නැවත කැඳවූ විට අගමැති ධුරය සම්බන්ධයෙන් TNA ඡන්දය පාවිච්චි කිරීමේදී ජනාධිපතිවරයා අගමැති ධුරය සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය “දැඩි ලෙස බලපානු” ඇති බවට ඔහු අනතුරු ඇඟවීමක් ද කළේය.

“අනික් අයගේ හදිස්සියට, ඒ අය සතුටු කරන්න අපි කටයුතු කරන්නේ නෑ. දිනන්නේ කවුද කියලා බලලා පක්ෂ මාරු කරන අය වගේ තීරණ ගන්න සිරිතක් අපේ නෑ.”

මහින්ද රාජපක්ෂ අගමැති පදවිය  පිරිනැමීමෙන් අනතුරුව කිසිදු විදේශීය රාජ්‍ය නායකයකු ඔහුට සුබ නොපැතීම ම ධුරයේ නීති විරෝධී භාවය විදහා දක්වන්නක් බව‍ට TNA පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් තර්ක කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment