කතානායක විශේෂ බලතල පාවිච්චි කරන්නට යයි.


අද (31) දින ජනාධිපතිවරයා මුණගැසීමෙන් පසුව එළඹෙන සිකුරාදා (02) ට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කතානායක කරු ජයසුරිය සඳහන් කර ඇත.

ඊයේ (30)  කතානායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී කතානායක වරයා පක්ෂ නායකයින් සමග සාකච්චා කර අනතුරුව මේ බව  සදහන් කර ඇති අතර අද හමුවේදී  වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසට ජනාධිපතිවරයාට හෙට (31) දැනුම් දෙන බවද සඳහන් කර තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ඇති බව පක්ෂ නායකයින්  ලිඛිතව දැනුම් දීමත් සමග මෙම තීරණයට කතානායකවරයා එළඹ ඇති බවද කතානායක නිල නිවසේ ආරංචි මාර්ග ද තහවුරු කර සිටියි.

ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා රටේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩි පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ ඉල්ලීම පරිදි කතානායක වරයාට ඇති විශේෂ බලතල වලට අනුව මේ සිකුරාදා (නොවැම්බර් 02වැනිදා) ට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන බව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කර ඇති බවද දැනගන්නට ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment