කැමති වුණත් නැතත් කතානායකට පාර්ලිමේන්තුව කැඳවන්න හැකිලු - අද ජනපති හමුවෙන් පසු තීරණයක්


ඊයේ කතානායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා පක්ෂ නායකයින්
සමග සාකච්ඡා කර සදහන් කර ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසට ජනාධිපතිවරයාට අද 31 දිනයේ දැනුම් දෙන බවය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  පාර්ලිමේන්තුවේ

වැඩි බහුතරය ඇති බව පක්ෂ නායකයින්  ලිඛිතව දැනුම් දීම පදනම් කරගෙනයි.
මෙම තීරණයට කතානායකවරයා බලතල ඇති බව එහිදී ප්‍රකාශවී තිබේ.
ජනාධිපතිවරයා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවීමට එකඟ වුවත් නැතත් මෙම කතානායක තීරණය බලාන්විත කිරීමට හැකියාව ඇතැයි පැවසේ.
ජනපතිගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා රටේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩි පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ ඉල්ලීම පරිදි කතානායක වරයාට ඇති විශේෂ බලතල වලට අනුව මේ සිකුරාදා (නොවැම්බර් 02වැනිදා) ට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන්නට යන බව වාර්තාවේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment