උඩවලවේ වෙඩි තැබීමකින් මුවමස් දඩයක්කරුවෙකුට තුවාල


උඩවලව රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

රක්ෂිතයේ මුවන් මරා මස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට යාමේදී ඔවුන් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට වෙඩි තබා ඇති බව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එහිදී පොලිස් විශේෂ බලකා නිලධාරින් සිදු කළ ප්‍රතිප්‍රහාරවලදී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ සැකකරු උඩවලව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති බව සඳහන් වෙයි.

තුවාල ලැබූ සැකකරු පුද්ගල ඝාතන සම්බන්ධයෙන් නඩු පැවරූ අයෙකු වන අතර ඔහු යුද හමුදා විශේෂ බලකායේ සේවය කළ අයෙකු බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අනෙක් සැකකරු මරා දමා තිබූ මුවන් කිහිපදෙනෙකු සහ ටී 56 ගිනි අවියක් හා එම උණ්ඩ 27ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment