මහින්දට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට : පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබෙයි
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර විජිත හේරත් මහතා එය ස්ථිර කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමට අදාළ යෝජනාව සම්මත විය.
කතානායක වරයා සඳහන් කළේ යෝජනාවට ඡන්ද විමසිමක් පවත්වන බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
0 comments :
Post a Comment