රවීගේ දියණියට 12 වැනි දා උසාවි එන්නැයි නියෝග.


බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතාගේ දියණීය වූ ඔනෙලා කරුණානායක මෙනෙවියට ලබන 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (9) නියෝග කළාය. 

එසේම, වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් පෞද්ගලික සමාගම අතර ප‍්‍රශ්න ගත කාලසීමාව තුළදී කවරාකාරයෙන් හෝ සෘජු හෝ වක‍්‍ර මුදල් හෝ මූල්‍යමය වටිනාකමක් ආදේශ කළ හැකි ගනුදෙනුවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව එම සමාගම්වල ප‍්‍රධාන මූල්‍ය නිලධාරී සහ ප‍්‍රධාන විගණක විසින් සහතික කරන ලද ප‍්‍රකාශයන් සහ ඊට අනුරූප මුල් ලේඛනවල සත්‍ය බවට සහතික කළ පිටපත් ද සහිතව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මෙහිදී අධිකරණය නියෝග කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment