ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා
විශ්වාසභංග යෝඡනාව ඉදිරිපත් වූ අවස්ථාවේ කිසිවෙක් ඒ සඳහා බෙදීමක් හෝ ඡන්දයක් ඉල්ලා නොසිටි බව ද කී දිසානායක මහතා විශ්වාසභංග යෝඡනාවෙන් රාජපක්‍ෂ මහතාගේ මුහුණ ඉදිරිපිටදීම එතුමා පරාජයට පත් වෙනවාට වඩා ඔහු නැතුව පරාජයට පත්වීම මගින් තමාගේ ගෞරවය ආරක්ෂා වනු ඇතැයි එතුමා සිතන්නට ඇති බව ද කීය.
රාජපක්‍ෂ මහතා පිළිබඳව තමාට කනගාටුවක් ඇති බව කී ජවිපෙ නායකයා කුමන්ත්‍රණකරුවන් එතුමා උපයෝයි කරගත් බව ද කිය. එතුමා වටේ සිටි කණ්ඩායමේ විමල් විරවංශ, රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදී සියලු දෙනාටම එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පැවැති බැවින් එම නිසා ඔවුන්ට අධිකරණයට අත තබා ගැනීමේ වුවමනාවක් තිබූ බවත් කී දිසානායක මහතා රාජපක්ෂ මහතාට ඔවුන්ගේ ඒ වුවමනාවේ ගොදුරක් බවට පත්වීමට සිදු වූ බව ද කියා සිටියේය.
0 comments :
Post a Comment